වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද (19) දහවල් වනවිට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුපොල ප්‍රදේශයේ කඩාවැටුණු පස්කන්දට යටවීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව ඇති බවත් ලෙල්ලොපිටිය, බරැණ්ඩුව ප්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීමෙන් තිස් හතර හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ආපදා තත්වය නිසා ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පුද්ගලයින් ලණන සිව් දෙනෙකි.
සුලු පරිමානයේ නායයාම්, පස්කදු සහ ඉවුරු කඩා වැටිම් කිහිපයක්ම වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ රත්නපුර මධ්‍යස්ථානය පවසයි. කොළඹ බළන්ගොඩ ප්‍රධාන පාරේ පතුල්පාන ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් පාරට ඉවුරු කඩා වැටී ඇති බව වාර්තා වේ.
බඹරබොටුව ගග හරහා ගයිනගම සහ ගුරුබැවිලා ගම ප්‍රදේශයේ තනා තිබූ සංගිලි පාලමක් වතුරට ගසාගෙන ගොස් ඇති බව පරිසරවේදියෙකු වු අයි.ඒ ගුණසිංහ මහතා පවසයි.
මේ අතර 19දා දහවල් 02.30 වනවිට කලුගෙග් ජලමට්ටම මීටර් 8.56ක් හෙවත් අඩි 28යි අඟල් 01 බව රත්නපුර මුවගම ජලමාපකයේ දැක්විනි. මේ වනවිට රත්නපුර ප්‍රදේශයේ සුලු ගංවතුර තතිවය ඉක්මවා මහ ගංවතුරක අවදානම් මට්ටමට කලුගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇතිබව රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරසිංහ මහතා පවසයි.
මුවගම ජල මාපකයේ මීටර් 09.5 ඉක්මවුව හොත් එය මහ ගංවතුර මට්ටමකි. රත්නපුර, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් රැසක් මේවනවිට ජලයෙන් යටවී ඇත.
බළන්ගොඩ නගරය මැදින් ගලා යන දොරවෙළ ඇල පිටාර ගැලීමෙන් බළන්ගොඩ නගරයේ පොදු බස් නැවතුම් පොළද අද පෙරවරුවේ ජලයෙන් යටවී තිබේ. රත්නපුර නගරයට පිවිසිමට විකල්ප පාරක් ලෙස සැකසූ බටුගෙදර සට මුද්දුව මුවගම හරහා නව පාලම දෙපසද ජලයෙන් යටවී ඇත.
දෙනවක් ගගේ ජල මට්ටමද සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත. දැනට පවතින තත්වය මේ ආකාරයෙන් පැවතුණ හොත් තවත් පැය කිහිපයකින් රත්නපුර මහ ගංවතුර තත්වයක් ඇතිවනු බවට වාරිමාර්ග දෙපාරතමේන්තුව සැකකරයි.









