රණවිරු සැමරුම් පෙරහුරුවට පැමිණ රෝගී වූ නාවික සෙබළුන් දෙදෙනාට කොරෝනා බව හෙළි වෙයි

රණවිරු සැමරුම් පෙරහුරුවට පැමිණ රෝගී වූ නාවික සෙබළුන් දෙදෙනාට කොරෝනා බව හෙළි වෙයි

අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල දී පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවයේ පෙරහුරු සඳහා සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබේ.

රණවිරු සැමරුම් ස්මාරකය අසළ ඊයේ (18) පෙර පුහුණුවීම්වල නිරත නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායමේ සෙබළුන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කර තිබූ අතර ඔවුන්ගේ ජීව සාම්පල පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී ඇත..

සිදුකරන ලද පරීක්ෂණවලින් මෙම සෙබළුන් දෙදෙනා කොරෝනා ආසාදිත යයි තහවුරු වූ බවත් ඔවුන් රණවිරු සුමරුම් පෙළපාලිය සඳහා සහභාගී කර ගැනීම අත්හිටුවා ඇති බවත් ඔවුන් දෙදෙනා සිටි භට කණ්ඩායමම සැමරුම් පෙලපාලියෙන් ඉවත් කර නිරෝධානයට යොමු කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ සියල්ලන්ම නිරෝධායනයට ලක් කර ඇත්නම් ඔවුන් මෙසේ පෙරහුරු සඳහා පැමිණෙන්නේ කෙසේදැයි අද (19) පෙරවරුවේ රූපවාහිනී වැඩ සටහනයකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා පිළිතුරු දුන්නේ පහත ආකාරයෙනි.

“මම අර කලින් කිව්වා වගේ මේක වෙස්ටර්න් නේවල් බේස් කියලා හඳුන්වන්න පුළුවන්, කඳවුරු කීපයකින් සැදුම්ලත් ප්‍රදේශයක්. ඒවගේම මෙහිදී සිටිනවා මේ කෑම්ප් ඇතුළෙ දිගටම ඉඳපු අය, 25 වෙනිදාට පෙර ගෙදර ගොස් පැමිණි අය, ඊට පස්සෙ 25ට පසුව ගෙදර ගොස් පැමිණි අය, එතකොට සේවා සඳහා ඉන්න අය, ඒවගේම මේක කඳවුරු කීපයක් සම්බන්ධයි.

ඉතිං නාවික හමුදාව විසින් විශ්වාසයෙන් යුතුව තෝරාගන්නට ඇති මේ අයට මේ තත්වය නැහැ කියලා. නමුත් සොයාබැලීමේදී ඒ අය කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හමුවුණා. ඔවුන්ව හඳුනා ගත්තා, ඒ අනුව ඔවුන් ඔය පැරේඩ් එක සඳහා සහභාගී වන්නට යෙදුණේ නැහැ”

Facebook
Twitter
LinkedIn