කොරෝනා වසංගතයට මුහුණ දීමට වෘත්තීය සමිතිවලින් දසවැදෑරුම් යෝජනාවලියක්

කොරෝනා වසංගතයට මුහුණ දීමට වෘත්තීය සමිතිවලින් දසවැදෑරුම් යෝජනාවලියක්

Covid19 රෝග මර්ධන වැඩපිළිවෙල වඩා විද්‍යාත්මකව ශක්තිමත් කිරීමේදී සෞඛ්‍ය සේවාවේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය මැදිහත්වීම් සහ වෙනස්කම් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති 10ක් ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලබන දස වැදෑරුම් යෝජනාවලියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීම පසුගිය 04 වනදා දින සිදුකෙරෙනි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය, සමස්ත ලංකා හෙද සංගමය ඇතුලු වෘත්තීය සමිති 10ක් ඒකාබද්ධ වී සකසා ඇති මෙම වැඩපිළිවෙල එදින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

මෙහිදී සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරළේ ආරච්චි මහතා පැවසූයේ ඉදිරි වසර 2ක පමණ කාලයක්වත් මෙම කෝවිඩ් වසංගත තත්වයත් සමග මිනිසුන්ට ජීවත්වීමට සිදුවන බවත් වර්තමානයේ මෙයට මුහුණදීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ප‍්‍රමාණවත් පහසුකම් නොමැති බවත් ය. එබැවින් සියලුදෙනාගේ සහයෝගය ලබාගනිමින්, ආධාර ලබාගනිමින් යන වැඩපිළිවෙලක් වෙනුවෙන් මෙම යෝජනා 10 සකසා ඇති බවත් සෞඛ්‍ය ඇමතිතුමිය මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් කරනු ඇතැයි විශ්වාස කරන බවත් සමන්ත කෝරළේ ආරච්චි මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර, සමස්ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ, සමස්ත ලංකා වාට්ටු ලිපිකාරීන්ගේ සංගමයේ ලේකම් රේණුකා ලියනගේ යන වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී වී සිටියහ.


Facebook
Twitter
LinkedIn