මුව ආවරණ, අත් ආවරණ නැහැ… මැයි 06න් පසු අතිරේක රාජකාරියෙන් ඉවතට…

මුව ආවරණ, අත් ආවරණ නැහැ… මැයි 06න් පසු අතිරේක රාජකාරියෙන් ඉවතට…

Covid -19 වසංගත තත්වය යටතේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය පාලනයට අයත් ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුඵ සංවර්ධන නිලධාරීහු සැලකිය යුතු රාජකාරියක් ඉටු කරමින් සිටින නමුත් මේ දක්වා ඔවුන් රාජකාරියේදී මුහුණ දෙන ගැටලු නොවිසඳීම හේතුවෙන් මැයි 06න් පසු අතිරේක රාජකාරියෙන් ඉවත් වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල දී පවතින දැඩි අවධානම් සහගත තත්වයන් දරාගනිමින් රාජකාරී ඉටු කළද සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කිසිදු ගැටඵවකට විසදුමක් ලබා දී නැති බවත් covid-19 වසංගත තත්වය හමුවේ ජනතාව වෙනුවෙන් වසම තුළ ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙන්ම සමානව කාර්යභාරයක් ඉටු කරන අතර දීමනා සහ පහසුකම් මෙන්ම චක‍්‍රලේක මගින් ආවරණය කිරීමේ දී ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුඵ සංවර්ධන නිලධාරීන් නොසලකා හැර ඇති බවද මේ පිළිබඳව එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. ඒ අනුව එම සංගමය මගින් ඉල්ලා ඇති ඉල්ලීම් අතර

  1. මුව ආවරණ, අත් ආවරණ ඇතුඵ ආරක්ෂක ඇදුම් කට්ටල ලබා නොදීම.
  2. සමෘද්ධි සංවර්ධන හා ග‍්‍රාම නිලධාරීන්ට මෙන්ම අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන ආර්ථික සංවර්ධන හා සංවර්ධන නිලධාරීන්ට දීමනා ලබා නොදීම.
  3. රු.5000/- ගෙවීමේ දී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ට ගෙවීම් සහතික කිරීමට අදාළ වවුචරයේ ඉඩක් ලබා නොදීම.
  4. වසම් මට්ටමින් ජනතාවට අවශ්‍ය ඖෂධ, ආහාර ද්‍රව්‍ය සැපයීම හා නිරෝධායන කටයුතු සොයා බැලීම සදහා යෙදෙන සංවර්ධන නිලධාරීන්ට ඉන්දන වියදම් පෞද්ගලිකව දැරීමට සිදුවීම හා ඒ සදහා දීමනාවක් ලබා නොදීම.
  5. ජනාධිපති කාර්යාලය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගින් නිකුත් කරන චක‍්‍රලේක තුළ ආර්ථික සංවර්ධන නිලධාරී/ සංවර්ධන නිලධාරී නම් කර වගකීම් නොපැවරවීම හා නොසළකා හැරීම.

යන ගැටඵ සදහා මැයි 06 වන බදාදා දින වනවිට පිළිගත හැකි විසදුමක් අපේක්ෂා කරන අතර උක්ත ගැටඵවලට විසදුමක් නොලැබුණහොත් මැයි 06න් පසු අතිරේක සියලුම රාජකාරී වලින් ඉවත්වන බව දන්වා ඇත.

Covid – 19 වසංගත තත්වය පරාජය කිරීම අප කාගේත් වගකීමක් වන බවත් එම අවධානම් තත්වය හමුවේ ජනතාවට සෘජුවම නිරාවරණය වෙමින්, ජීවිත අවධානම් තත්වයන් දරාගනිමින් සේවයේ යෙදෙන රාජ්‍ය සේවකයින් රැකගැනීම ආණ්ඩුවේ යුතුකමක් මෙන්ම වගකීමක් බවද එම සංගමය මගින් අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn