කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ අවිධිමත් පරිපාලනය හේතුවෙන් රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය දැඩි අපහසුතා සහ ගැටළු රාශියකට මුහුණ දෙමින් සිය රාජකාරී ඉටුකරන බවත් එම ගැටළුකාරී වාතාවරණය මත රෝහල් පරිපාලනයම බිඳවැටීමකට පත්ව ඇති බවත් සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.
මෙම රෝහලේ දීර්ඝ කාලයක සිට මෙම අධ්යක්ෂවරයා විසින් අනීතික පරිපාලන තීන්දු තීරණ ගැනීම මත සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය අසීරුතාවයන්ට මුහුණ දෙනවා පමණක් නොව එම හේතුවෙන් රෝහලෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන රෝගී ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්වන බවටද තම සංගමය විසින් මීට පෙර අවස්ථාවන්වලදී කරුණු පෙන්වා දී ඇති බවද එම සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් මගින් පවසයි.
ඒ අතර,
- රෝහල් කාර්ය මණ්ඩලයට බලපාන ගැටළු පිළිබද සාකච්ඡුා කලද එම එකගතා ක්‍රියාත්මක නොකිරීම.
- ඒ පිළිබද විමසුම් සිදුකරන විට වෘත්තීය සමිති වලට අපහාස වන ප්‍රකාශ කිරීම.
- පරිපාලන දුර්වලතා පිළිබද විමසූ විට පරිපාලනයට ඇගිලි ගසනවා යැයි වෘත්තීය සමිති වලට චෝදනා කිරීම.
- ප්‍රධාන රෝහල් ඕවර්සීයර්ගේ සිතැගිපරිදි කටයුතු කිරීමට අධ්‍යක්ෂකවරයා ආශීර්වාදයක්වීම.
- තම හිතුමතය පරිදි කාර්යය මණ්ඩල ස්ථානගත කිරීම.
- රෝහල තුලට දේශපාලනය කැදවා ගැනීම.
- තම දේශපාලන උවමනාව මත ආයතනය තුල දේශපාලන රැුස්වීම් පැවැත්වීම.
- රෝහලේ සිදුවන දෑ පිළිබදව වැරදි සහගත තොරතුරු මාධ්‍යට ප්‍රකාශකිරීම.
- රොහලේ අනෙකුත් පරිපාලනයට සම්බන්ධ නිළධාරීන් නොසලකා කටයුතු කිරීම.
- කෝවිඩි-19 වසංගත තත්වය මැඩලීම සදහා අදාල ආයතන විසින් නිකුත් කල නියෝග ක්‍රියාත්මක නොකිරීම.
වැනි ගැටළු රාශියක් කුරුණෑගල මහ රෝහලේ මතුව ඇති අතර එම හේතුවෙන් සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයත්, රෝගී ජනතාවත් අපහසුතාවයට හා පීඩාවට පත්ව ඇත. එක් පුද්ගලයකුගේ ක්‍රම විරෝධී හා විධි විරෝධී අනීතික හැසිරීමක් හේතුවෙන් සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයත් රෝගී ජනතාවත් පීඩාවට පත් කිරීම තම සංගමය කිසිවිටෙකත් අනුමත නොකරන බවද මෙම ලිපිය මගින් කියා ඇත.
එබැවින් කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයාගේ මෙම අවිධිමත් පරිපාලනය සම්බන්ධයෙන් වන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් කුරුණෑගල රෝහලේ කටයුතු සියළු පාර්ශවයන්ට ගැටළුවකින් තොරව සිය කාර්යභාරයට ගැලපෙන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින එම සංගමය එසේ නොවුනහොත් මේ වන විට කුරුණෑගල මහ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය මුහුණදෙනු ලබන අසීරුතා මත සේවක නොසන්සුන්තාවයක් ඇතිවිය හැකි බවත් එය මේ මොහොතේ රටේ උද්ගතව පවතින කොරෝනා වසංගතය මැඩලීමේ ජාතික කර්තව්‍යට බාදාවක් ගෙන දෙන්නක් විය හැකි බවත් පවසා සිටී.
අධ්‍යක්ෂකවරයාගේ මෙම අනීතික වැඩපිලිබවෙල හේතුවෙන් රෝහල තුල යම් රෝගී සත්කාරක සේවාවක් බ්ද වැටීමක් ඇතිවුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු වගකිව යුතු සියළු පාර්ශවයන් විසින් භාරගත යුතුබවටත් එම ලිපිය මගින් පෙන්වා ඇත.










