කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් කැනඩාවේ ජනතාවට කැනඩා රජයෙන් සහන දෙන්නේ මෙහෙමයි

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් කැනඩාවේ ජනතාවට කැනඩා රජයෙන් සහන දෙන්නේ මෙහෙමයි

කොරෝනා වසන්ගතය හේතුවෙන් පීඩාවට පත් කැනඩාවේ එරට ජනතාවට කැනඩා රජය විසින් දැවැන්ත සහන රැසක් හිමිකර දී තිබේ. සාමාන්‍ය ජනතාවට, සුළු ව්‍යාපාරිකයින්ට, අබාදිතයින්ට, වැඩිහිටි පුවැසියන්ට සහ පාසැල් හා විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම වයස අවුරුදු 12 අඩු දරුවන්ටද මෙම සහන ලැබී තිබේ.

ඒ අනුව පහතින් දක්වා ඇත්තේ එම සහන වලින්කිහිපයකි…

01) කොරෝනා නිසා රැකියාව අහිමි වු අයට ඩොලර් 2000 බැගින් මාස 04ක් ලබාදෙන අතර සැම පවුලකම රැකියා අහිමි වූ සෑම සාමාජිකයෙකුටද අදාල දීමනාව මාස 04 පුරාම හිමි වේ.

https://www.canada.ca/en/revenue-agency/services/benefits/apply-for-cerb-with-cra.html

02) වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ඩොලර් 300 බැගින් සැප්තැම්බර් දක්වා ලබාදෙනු ලැබේ.

https://www.canada.ca/en/department-finance/news/2020/03/canadas-covid-19-economic-response-plan-support-for-canadians-and-businesses.html

03) වයස 12ට අඩු දරුවන්ට ඩොලර් 200 බැගින් ලබාදෙන අතර අබාදිත දරුවෙකු නම් ඒම මුදල ඩොලර් 250ක්වේ.

https://www.ontario.ca/page/get-support-families

04) 12 ශ්‍රේයෙන් ඉහළ පාසැල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට මැයි මස සිට සැප්තැම්බර් දක්වා ඩොලර් 1,250ක දිමනාවක් ලබාදෙනු ලැබේ.

https://www.savvynewcanadians.com/how-to-apply-for-the-canada-emergency-student-benefit-cesb/

05) නිවාස ණය සදහා මාස 06ක වාරික නොගෙවා සිටිය හැක.

https://www.cmhc-schl.gc.ca/en/finance-and-investing/mortgage-loan-insurance/the-resource/covid19-understanding-mortgage-payment-deferral

06) අඩු ආදායම්ලාභීන්ට දෙන දීමනාව ඩොලර් 600ක් දක්වා වැඩි කර ඇත.

https://www.canada.ca/en/revenue-agency/services/child-family-benefits/covid-19-gsthstc-increase.html

07) අවුරුදු 65ට වැඩි අයට ලබාදෙන වැඩිහිටි දීමනාව දෙගුණයකින් වැඩි කර ඇත.

08) විදුලි බිල සදහා කාලය සීමා කිරීම් ඉවත් කර පැය 24ම ගෙවීමේ කාලයක් ලෙස සහනයක් ලබාදී තිබේ.

09) නිවසේ සිට අධ්‍යාපනය සිදු කරගෙන යාමට සෑම ළමයෙකුටම ලැප්ටොප් පරිඝණයක් බැගින් සහ අන්තර්ජාල පහසුකම් ලබාදී ඇත.

https://www.thestar.com/news/canada/2020/04/17/school-boards-work-around-the-clock-to-get-laptops-ipads-and-other-devices-to-students.html

10) 2019 වර්ෂයේ ඩොලර් 50,000ට වඩා පඩි ගෙවන කුඩා ව්‍යාපාර සදහා පොලී රහිතව අවුරුදු 2කින් ගෙවි යන ලෙස ඩොලර් 40,000ක ණයක් ලබා දී තිබේ. නිසි පරිදි ගෙවන අයට අන්තිම ඩොලර් 10,000ක් කපාහරිනු ලැබේ.

11) කොරෝනා පවතින විට වැඩ කරන ආයතනවලට සේවක පඩියෙන් 75%ක් රජය මගින් ලබාදෙනු ඇත.

https://www.canada.ca/en/department-finance/economic-response-plan.html

12) සෞඛ්‍ය සේවකයින්ට ගෙවන දීමනාව පැයකට ඩොලර් 04කින් වැඩිකර තිබේ.

https://www.cbc.ca/news/canada/toronto/ontario-covid-19-cases-long-term-care-staff-1.5545042

Facebook
Twitter
LinkedIn