රිකිල්ලගස්කඩ නගරයේ විෂබිජහරණය කරමින්සිට් ජනතා විමුක්ති පෙරමුණේ ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බකලායේ කණ්ඩායමට පොහොට්ටු පක්ෂයේ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ කණ්ඩායම් නායක සුමිත් වීරසූරිය විසින් බාධා කරමින් සිටයදී හගුරන්කෙත පොලීසිය මැදිහත්ව ඔහුව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
ඇඳිරිනීතිය ඉවත් කළද මත්පැන් අලෙවි සැල් තව දුරටත් වසා තබන ලෙස රජය නිවේදනය කර තිබියදී එම නියෝග කඩ කරමින් නීතවිරෝධි ලෙස මත්පැන් අලෙවිකරන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය මධ්‍යම පළාත් සුරාබදු වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කළේද මෙම සුමිත් වීරසූරිය ඇතුළු මැර පිරිසක් විසිණි.
අද (05) හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් තුමා, හගුරන්කෙත පොලිස් ස්ථානාධිපති තුමා, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ රිකිල්ලගස්කඩ සහ හගුරන්කෙත වෙළද සංගම්වල ඉල්ලීම මත රිකිල්ලගස්කඩ සහ හේවාහැට නගර දෙක විෂබීජහරණය කරන ලදී.
එ් අනුක රිකිල්ලගස්කඩ නගරයේ විෂබිජහරණය කරමින්සිට්යදී එහි කඩාවැදි පොහොට්ටු පක්ෂයේ මෙම මන්ත්‍රීවරයා අශෝභන ලෙස හැසිරෙමින් අසභ්‍ය වචන කියමින් ශ්‍රී ලංකා රතු කරුව සාමාජිකයන්ට බැනවැදී පහරදීමට තැත් කර තිබේ.
ශ්‍රී ලංකා රතු තරුව විසින් විසබීජ හරණය සිදු කරමින්
ශ්‍රී ලංකා රතු තරුවට තර්ජනය කළ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයා…









