අප්‍රේල් 19 වනවිට ලංකාවේ කොරෝනා ඉවරයි කියූ සෞඛ්‍ය ඇමතිවරියක් ඉන්නා රටක ආණ්ඩුවේ උවමනාව ජනතාවට ඉතා පැහැදිලි බවත් එබැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නිර්දේශ මත ගන්නා ලද තීන්දු මත පමණක් පාසල් විවෘත කිරීම සිදු කළ යුතු බවත් ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
විශේෂයෙන්ම වෘත්තිමය හික්මීමක් ඇති හමුදාවට පවා කොරෝනා වෛරසය ආසාධනය වූ තත්වයක් යටතේ පාසල් දරුවන්ට මෙම වෛරසය ඉතා ඉක්මණින් බෝ විය හැකි බවත් එබැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොමැතිව ආණ්ඩුවේ බල උවමනාව වෙනුවෙන් රටේ ජනතාව, පාසල් දරුවන් අවධානමකට දැමීම ආණ්ඩුව සිදු නොකළ යුතු බවත් මෙහිදී මහින්ද ජයසිංහ මහතා පැවසීය.
Views: 0










