නිකවැරටියට ඇඳිරි නීතිය

නිකවැරටියට ඇඳිරි නීතිය

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය සඳහා කනිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඊයේ (29) පස්වරුවේ සිට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.

නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ ප්‍රජා ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර එම කාත්තාව සමග එම ප්‍රදේශයේ විශාප පිරිසක් සම්බන්ධතා පවත්වා තිබේ.

එම ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය ලබා ගත් පිරිස් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙසද එම ජල පාරිභොගිකයන්ට එම කාර්යාලය දන්වා සිටී.

එම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල ජනයා මේ පිළිබඳව සත්‍ය තොරතුරු ලබා දී කොරෝනා මර්ධන කටයුතුවලට සහය දක්වන ලෙසද නිලධාරීන් ඉල්ලා සිටිති.

එම කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ සේවයේ නියුතු අයෙකු වන අතර ඇයට වෛරසය ආසාදනය වී ඇත්තේ ඇයගෙ සැමියාගෙනි.

Facebook
Twitter
LinkedIn