ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 217 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 217 දක්වා ඉහළට

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (13) දින මේ වනවිට හමු වී ඇති ආසාදිතයින් 07 දෙනොද සමග ය.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 154 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88දෙනෙකුද නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙකුද වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙකුද ඉරණවිල රෝහලේ 06 දෙනෙකුද ඒ අතර සිටිති.

එමෙන්ම වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 56 දෙනෙකු සුවය ලබා මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වනවිට කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn