කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 1.00 සිට හෙට උදෑසන 07.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ 09 හා කොළඹ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඔ 13 සහ කොළඹ 15 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම ලබාදීමට නියමිතය.
මේ අතර අද පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 24ක කාලයක් අනුරාධපුර නගරය, විජය පුර, තුරුවිල, තලාව සහ නාච්චාදුව යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Views: 0










