කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ වෙබ්අඩවිවල බොරු ප්‍රවෘත්ති පල කර ඇති බවත් එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් සාවද්‍ය බවත් ශ්‍රී ලංකාවේ පිහිටි එමිරේට්ස් තානාපතිවරයා නිකුත් කළ නිවේදනයක් අනුව තහවුරු වේ.
ලංකාව තුළ මෙම කොරෝනා වසංගත තත්වයද මුල් කරගනිමින් පුද්ගල අපහාස කිරීම්, ජාතිවාදී ප්‍රවනතාවයන් වර්ධන කිරීම් ආදිය මුදල් කරගනිමින් බොරු ප්‍රචාරයන් සිදු කරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පැවසුවද මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී ඇත්තේ අතලොස්සක් දෙනෙකුට පමණක් වන අතර එයද ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ප්‍රධානීන් විවේචනය කිරීම පදනම් කරගෙන ය.
මේ වනවිට බොරු ප්‍රචාරයන් සිදු කිරීමේ එම තත්වය තව දුරටත් වර්ධනය වෙමින් ජාත්‍යන්තර අර්බුද නිර්මාණය කරන තැනට පැමිණ තිබේ.
එමිරේට්ස් තානාපතිවරයාගේ නිවේදනය මගින්ද තහවුරු වන්නේ ආණ්ඩුව මෙලෙස බොරු ප්‍රචාරයන් සිදු කරන පුද්ගලයන් කෙරෙහි දක්වන ලිහිල් ප්‍රතිපත්තිය හේතුවෙන් ජාත්‍යන්තර අර්බුදයක් පවා ඇති විය හැති තත්වයක් මතුවෙමින් තිබෙන බව යැයි දේශපාලන විචාරකයෝ පවසති.
සමාජ ජාල ඔස්සේ බොරු ප්‍රචාර සිදුකරන්නන් නීතියේ රැහැනට හසු කරගැනීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇතත් එය හුදු ආණ්ඩුව වේවචනව කරන්නන් මර්දනය කිරීමේ උපක්‍රමයක් වනු ඇති බවත් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයින්ට නොව අසත්‍ය පුවත් පතුරවමින් රට අපකීර්තියට පත්කරන ජාත්‍යන්තර අර්බුද නිර්මාණය කරන, ජාතීන් අතර අසමගිය වර්ධනය කරන්නවුන් වහාම නතර කළ යුතුය.
وجه صاحب السمو الشيخ الدكتور سلطان بن محمد القاسمي عضو المجلس الأعلى حاكم الشارقة دائرة الشؤون الإسلامية بالشارقة بعدم دفن أيا من ضحايا مرض كورونا المستجد (كوفيد ١٩) في منطقة الصجعة بالشارقة، والتأكيد على أنه لم يتم دفن أيا من الضحايا في المنطقة المذكورة أو غيرها في الشارقة pic.twitter.com/in8U93nFAa
— sharjahmedia (@sharjahmedia) April 3, 2020











