ඩොලරය රුපියල් 200ට සමීප වෙයි

ඩොලරය රුපියල් 200ට සමීප වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (06) ඉතිහාසගත ලෙස පහළ ගිය අතර මේ වනවිට රුපියල් 200ට සමීප වී තිබේ.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද 199.40 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.

Facebook
Twitter
LinkedIn