කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රමාණය ඉහළ දමන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය ඉල්ලයි

කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රමාණය ඉහළ දමන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය ඉල්ලයි

covid 19 රෝගය පාලනය කිරීමේ ක‍්‍රියාවලියේදී ආසාධිතයින් නිශ්චිතව හඳුනාගැනීම සඳහා ඇති එකම ක‍්‍රමවේදය වන පරීක්‍ෂණ ප‍්‍රමාණය ඉහළ දමන ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉලිලීමක් කරයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත අද (03) ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මෙම රෝගයට මුහුණ දී ඇති ලොව අනෙක් රටවල ක‍්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරන විටදී ඒ බව පැහැදිලි වන බවත් විවිධ රටවල ජනගහනයෙන් මිලියනයකට මේ දක්වා සිදුකර ඇති පරීක්‍ෂණ ප‍්‍රමාණය සලකා බැලූවිට දකුණු කොරියාව ඉහළින්ම සිටින බවද එය 8000ක් පමණ වන නමුත් අපේ රටේ මෙම අගය දල වශයෙන් 110ක් පමණ වන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙයි.

ඒ අනුව අප රටේ මෙම රෝගය පාලනය කිරීමේ ක‍්‍රියාවලියේදී සිදුකරනු ලබන පරීක්‍ෂණ ප‍්‍රමාණය අවම මට්ටමකට පවතින බවත් එම නිසා රෝගය පාලනය කිරීමේ අත්‍යවශ්‍ය ක‍්‍රියාමාර්ගයක් ලෙස සලකා සිදුකරනු ලබන පරීක්‍ෂණ ප‍්‍රමාණය වැඩිකිරීම සිදුකලයුතු බව එමගින් ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn