කොරෝනා හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර සිරවී ඇති පිරිසට සහනයක් සලසන්න

කොරෝනා හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර සිරවී ඇති පිරිසට සහනයක් සලසන්න

රටේ පවතින කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර දිස්ත‍්‍රික්කවල රැකියාවට හෝ නිවෙස් වෙත යාමට නොහැකිව විශාල පිරිසක් කුලී කාමර තුළ සිටින බවත් ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය ආහාරවල දැඩි හිගයක් පවතින බවත් එබැවින් ඔවුන්ට යම් සහනයක් ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙසත් අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා විසින් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ  අවදානය යොමුකරවමින් ඊයේ (02) ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

විශේෂයෙන්ම කඩ හා සාප්පුවල සේවය කළ සේවකයින්, කුලී රථ රියදුරන්, ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ නියෝජිතයින්, කුඩා වැඩබිම්වල හා ආයතනවල සේවය කළ සේවකයින් මෙසේ දෛනික ආදායම් නොමැතිව, මාසික වැටුප්ද අහිමිව, ආහාර සපයා ගැනීමට ක‍්‍රමයක් නොමැතිව සිරවී සිටින ජනතාවගේ තොරතුරු තම සංගමය වෙත ලැබෙමින් පවතින බවත් මෙම පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර සහ ඔවුන්ව මෙම තත්වය තුළ කළමණාකරනය කරගැනීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බව එම සංගමයේ අදහසයි.

විශේෂයෙන් මෙම තත්වය හමුවේ මෙම දිස්ත‍්‍රික්කවල සිරවී සිටින ජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමට මධ්‍යස්ථානයක් ගොඩනැගීම, එමෙන්ම දුරකතන අංක කිහිපයක් ප‍්‍රසිද්ධ කිරීම මෙන්ම මෙතෙක් සිරවී සිටින ජනතාවගේ ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කිරීම වැනි කරුණු සැලකිල්ලට ගෙන අදාල අංශ ඒ සඳහා යොමුකර මෙම දිස්ත‍්‍රික්කවල සිරවී සිටින පුද්ගලයන්ට ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස අන්තර සමාගම සේවක සංගම මෙසේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Facebook
Twitter
LinkedIn