රෝහල් කිහිපයක ඉන්සියුලින් හිගයක් – බෙදාහැරිමත් ප්‍රමාදයි

රෝහල් කිහිපයක ඉන්සියුලින් හිගයක් – බෙදාහැරිමත් ප්‍රමාදයි

ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයකම දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් එන්නත අදාළ ප්‍රතිකාර කටයුතු සඳහා නොමැති බව ඊයේ (02) පැවැති දකුණු පළාතේ කොරෝනා වයිරස තත්ත්වය මර්ධනය සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අනාවරණය විය.

මෙහිදී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ප්‍රකාශ කර තිබෙන්නේ කොළඹ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉන්සියුලින් බෙදාහැරීමේ ප්‍රමාදයක් පවතින හෙයින් මෙම තත්වය උදා වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම එන්නත ඇල්පිටිය මූලික රෝහලේ නොමැති බව දකුණු පලාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ආහාර බෙදාහැරීම් සැපයුම, සමුපකාර අමාත්‍යාංශ ලේකම් ඒ.යූ වේලාරත්න මහතා මෙහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම තවත් ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් රෝහල් කිහිපයක මෙම ඉන්සියුලින් එන්නතෙහි හිගතාවයක් පවතින බවද මේ අතර වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn