පොහොට්ටුවේ කොට්ඨාස සංවිධායක සමෘද්ධිලාභීන් තේරිමේ කමිටුවේ ප්‍රධානියා කරලා…

පොහොට්ටුවේ කොට්ඨාස සංවිධායක සමෘද්ධිලාභීන් තේරිමේ කමිටුවේ ප්‍රධානියා කරලා…

උද්ගතව ඇති ව්‍යසනකාරී තත්වය නිසා සමාජ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභින් සඳහා රුපියල් 5,000ක දීමනාව ගෙවීම සඳහා සුදුසුකම් ලාභීන් තේරීම සඳහා පත් කර ඇති ග්‍රාමීය කමිටුවේ ප්‍රධානියා ලෙස පොහොට්ටු පක්ෂයේ කොට්ඨාස සංවිධායක පත් කර තිබේ.

එහි සෙසු නියෝජිතයින් ලෙස පොහොට්ටු පක්ෂයේ කොට්ඨාස සංවිධායක යටතේ පත්කර ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරී යන පස් දෙනාය.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්යසාදන බලකාය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම බලඛායේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාවය.

සමෘද්ධි ලාභීන්ට අදාළ දීමනා ලබාදීමේදී මේ වනවිටත් දේශපාලනය මත සමෘද්ධි ලාබීන්ව කපාහැරීම් සිදුවන බවට ආණ්ඩුවට චෝදනා එල්ලවෙමින් පවතින තත්වයක් තුළ මෙලෙස පොහොට්ටු පක්ෂයේ කොට්ඨාස සංවිධායක සමෘද්ධී ලාබීන් තේරීමේ කමිටුවේ සභාපති කිරීමෙන් එම කමිටුව තව දුරටත් දේශපාලනීකරන වේ.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට එක පක්ෂයක සංවිධායකවරයෙකුගේ නියෝග මත කටයුතු කිරීමටද සිදුව තිබේ.

මේ වනවිටත් මෙම කමිටුව පත්කිරීමේ ක්‍රමවේදයට ග්‍රාම නිලධාරීවරුන්ගේ ඇතුළු බොහෝ රජයේ නිලධාරීන්ගේ විරෝධය එල්ල වී ඇත.

Facebook
Twitter
LinkedIn