කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් පිටව යාම සහ ඇතුළුවය මේ වනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
එම ග්‍රාමයෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවක් හමු වූ අතර ඇයගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී ඇති බැවින් ඔවුන් පදිංචි පෙදෙසට පිවීසීම මෙලෙස අවහිර කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ගීතිකා අමරසිංහ මහත්මිය පවසයි.
රෝගී කාන්තාව දුම්මලසූරිය දිවුරුම්පොළ පදිංචිකාරියක වන අතර ඇය දරුවන් පාසල් යැවීම සඳහා කැකුණගොල්ල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිටියදී මෙම රෝගයට ගොදුරුව ඇති බවත් එබැවින් ඇය දිවුරුම්පොළ සහ කටුපොත ප්‍රදේශවල ආගිය තැන් පිළිබඳව තොරතුරු සොයා බලන බවත් වෛද්‍ය අමරසිංහ මහත්මිය අනාවරනය කරයි.
මෙම කාන්තාව පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගී පුද්ගලයාගේ සොයුරිය බවද ඔහු කැකුණගොල්ල නිවසට පැමිණීමෙන් පසුව ඇයටද ඔහුගෙන් වයිරසය ආසාදනය වී ඇති බවද අමරසිංහ මහත්මිය සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.









