මත්තේගොඩ මරණයට පත්වූයේ කොරෝනා ආසාදිතයෙකු නොවෙයි – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

මත්තේගොඩ මරණයට පත්වූයේ කොරෝනා ආසාදිතයෙකු නොවෙයි – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන වාර්තාව තහවුරු කර ඇතැයි  කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා නවසයි.

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී අද (02) සිදු කර තිබේ.

එහිදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙන අතර මරණයට හේතුව හෘදාබාධයක් බව හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නිගමනය කර ඇත.

එසේම මෘතදේහය කොහුවල සුසාන භූමියේදී දෙවැනිදා ආදාහනය කරන ලෙසටද හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කර තිබේ.

ඒ අනුව මේ බව මරණකරුගේ නෑයන්ට දන්වා අද දිනයේදීම මෘත දේහය ආදාහනය කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

මේ අතර මරණකරු විදේශගතව සිට පැමිණි අයකු බැවින් ඔහුට කොරෝන රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී තිබුණත් නිවැසියන් දින දාහතරක් නිරෝධායනයට ලක් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn