මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු කොරොනා ආසාදිතව මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකු බවට සැක කෙරෙන බව කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර අද (01) අලුයම මරණයට පත්වී තිබේ.
මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ කළ පරීක්ෂණයට අනුව මෙම මරණය කොරොනා වැලදී මිය යන්නට ඇති බවට සැක කරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ මතා මහතා පවසයි.
ඒ අනුව එම ස්ථානයට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය පැමිණ මෘත දේහය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.
පසුව එම දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කොට දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී ලැබෙන වාර්තාවට අනුව මෘත දේහය පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
මේ අතර වෛද්‍ය පර්යේෂණායතනයේ වාර්තාව ලැබෙන තෙක් නිවසේ රැඳී සිට ස්වයං නිරෝධායන යෙදෙන ලෙස නිවැසියන්ට උපදෙස් ලබා දී ඇති අතර නිවස හා අවට විෂබීජ හරණයට ලක් කිරීමටද පියවර ගෙන තිබේ.









