බස්නාහිර පළාතේ යාචකයින් 700ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ යාචකයින් 700ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ යාචකයන් සහ අනවසර වෙළදුන් ඉවත්කිරීමේ කටයුතු ආරම්භකර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය විසින් බස්නාහිර පළාතේ සියලුම පොලිස් මූලස්ථාන වෙත ලබාදුන් නියෝග අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙනඇති අතර මේ වනවිට ගාලුමුවදොර පිටිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව සිටි යාචකයන් 700 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇතැයි පොලීසිය පවසයි. ඔවුන් අම්බලන්තොට සහ රිදියගම යාචක රැඳවුම් මධ්‍යස්ථානවෙත යොමුකිරීමට නියමිතව ඇති බව ද පොලීසිය පවසයි.

දුම්රිය මැදිරි තුළ සිඟමන් යදින සහ අනවසර වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෙට(01) දිනයේ සිට සිදුවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්