ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධි රැසක් විමර්ශනය කළ පොලිස් නිලධාරියාට වහාම ස්ථාන මාරුවක්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධි රැසක් විමර්ශනය කළ පොලිස් නිලධාරියාට වහාම ස්ථාන මාරුවක්

ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ වධහින්සා පැමිණවීම, රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම, විද්‍යා දැරියගේ ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක නොවිසඳුනු ගැටළු ගණනාවක් සම්බන්ධව විමර්ශනය කරමින් සිටි සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරුකර යවා තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම සහ වධහින්සා පැමිණවීම, රිවිර හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධව ද ඒ මහතා විමර්ශන සිදුකරමින් සිටියේය.

මෙම ස්ථාන මාරුව සම්බන්ධ පොලිස් නිවේදනය වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අද(30) පෙරවරුවේ නිකුත්කර ඇති අතර මැතිවරණ කොමිසමේ ද ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුකර යැවීම සිදුකර ඇතැයි පොලිස්පතිවරයා නිකුත්කළ විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්