පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ලබාදීමේ ව්‍යාපෘති වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට වත්මන් රජය තීරණය කළ බව ඊයේ (28) නිවේදනය කළ අතර ඒ සම්බන්ධයෙන් පුළුල් මාධ්‍ය වාර්තාකරනයක්ද සිදු විය.
එම රක්ෂණාවරණය ඉවත් කිරීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරන බවට වූ ප්‍රවෘත්තියත් සමග එම තීරණයට විරුද්ධව දැඩි ආණ්ඩු විරෝධයක් සමාජජාලාවල පැතිරයමින් තිබෙන තත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ජාතික වගකීමක් ලෙස සලකා තමන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එය මෑතකාලීනව ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැදගත් ව්‍යාපෘතියක් බවද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය නිවේදනය මගින් සඳහන් කරයි.
කෙසේ වෙතත් පාසල් සිසුන් සඳහා ලබා දෙන ටැබ් පරිඝණක ලබාදීමේ ව්‍යාපෘතිය අහෝසි කරන බවට වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එම නිවේදනය මගින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
එම නිවේදනය පහතින් පල වේ…











