මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට වසර 5ක සිරදඬුවම් නියමවී තිබේ.
සිද්ධියට අදාල නඩුව පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවා තිබූ බවත් එහිදී විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බවත් මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.
පෞද්ගලික සමාඟමක් හරහා ඇමරිකානු ඩොලර් මිලියන රාජ්‍ය මුදල් ලබාගෙන ඇතැයි අබ්දුල්ලා යාමීන්ට චෝදනා එල්ලවූ අතර ඒ අනුව එල්ලවූ මුදල් විශුද්ධිකරණ චෝදනාවලට හිටපු ජනාධිපතිවරයා වරදකරු විය.
පැවති ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් හිමිවීමෙන් පසු අබ්දුල්ලා යාමීන්ගේ රජය මුද්‍රා තබා තිබූ නඩු ගණනාවක් නැවත කැඳවා විමර්ශන ආරම්භ කිරීමට වර්ථමාන ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි කටයුතු කළේය. හෝටල් සංවර්ධනය සඳහා නිවර්තන දූපත් ගණනාවක් බදු දීමට හිටපු ජනාධිපතිවරයා කටයුතුකර ඇති බවත් එම ගනුදෙනුවල කොටස් වශයෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියනයක රජයේ මුදල් ලබාගෙන ඇතැයි චෝදනා ගොනුවිය.










