රෝයල් පාර්ක් ඝාතකයාට රටින් පිටවීම තහනම්

රෝයල් පාර්ක් ඝාතකයාට රටින් පිටවීම තහනම්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ ප්‍රධාන චුදිතයාව සිට වැරදි කරු වූ ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තාට රටින් පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට නියෝග කරන්නැයි ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද සළකා බැලීමෙන් අනතුරුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්