පිල්ලේ ඌරා පිට තබා ඌරු මාළු කපන්න යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට පැමිණ තිබෙන්නේ ‘සැබෑ තතු සෙවීමේ මෙහෙයුමක්’ (Fact–Finding Mission) සඳහා බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඇය මෙම සංචාරය අතරතුර යුද්ධය පැවති ප්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවත් දෙමළ ජනතාව හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. යුද්ධය අවසාන කාලයේ සිවිල් වැසියන් 40,000 ක් පමණ මිය ‍ගොස් ඇති බවත් එයින් බොහෝ පිරිසක් දෙමළ ජාතිකයන් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි. එම සමූල ඝාතන ඇතුළු යුධ සමයේ සිදුවී ඇතැම් සිදුවීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස කළ ඉල්ලීම් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව එම වාර්තාව සඳහන් කරයි.

“මම ලංකාවට පැමිණියේ ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කරන්න. ලංකාව විසින්ම නිර්මාණය කරන ලද ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ මම අවධානයෙන් සිටිනවා. මම විවේචනය කරනවා නම් විවේචනය කරන්නේ ලංකාව එම සම්මුතීන්ට අනුකූලව වැඩ කරනවාද යන්න පිළිබඳවයි” පිල්ලේ මහත්මිය බීබීසී පුවත් සේවය වෙත පවසා තිබේ.

ජාත්‍යන්ත‍රයෙන් එල්ල වන බලපෑම් හමුවේ ආණ්ඩුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පත් කරන ලද අතර හමුදාව විසින් සහ LTTEය විසින් සිදු කරන ලද මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු බවද වගකිව යුත්තන්ට දඬුවම් දිය යුතු බවද ඇතුළු ජාත්‍යන්තර ඉල්ලීම් හා සමාපාත වන යෝජනා ගණනාවක් LLRC කොමිසමේ වාර්තාව පදනම් කරගත් ක්‍රියාකාරී සැලැස්ම තුල ඇතුලත්ය.

ආශ්‍රිත පුවත්

නවනීදන්පිල්ලේ මහත්මියට මෙරට සංචාරය කළ හැකියි – කෙහෙළිය

Facebook
Twitter
LinkedIn