DCD කිරි නැතුව TV අමාරුවේ

ෆොන්ටෙරා සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු අර්බුදයට යාම හමුවේ එම සමාගම වෙළඳ දැන්වීම වෙනුවෙන් වියදම් නොකිරීම නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ මාධ්‍ය ආයතනවල ආදායම් අඩුවීමේ අර්බුදයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ

මාධ්‍ය ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ රජයේ ප්‍රධාන රූපවාහිනී නාලිකා දෙක ඇතුළු මෙරට ක්‍රියාත්මක අනිකුත් බොහෝ රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවල ආදායම් පහළ යාමට මෙය හේතුවී ඇති බවයි.

ෆොන්ටෙරා යනු මෙරට වෙළඳ දැන්වීම් වෙළඳ පොළට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් යොදවන සමාගමකි. එම සමාගම ඇන්කර් කිරි පිටි, හැපී කව් චීස්, ඇන්කර් බටර්, ඇතුලු ෆොන්ටෙරා නිෂ්පාදන  සඳහා මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කළේය.

 

මෙරට මාධ්‍ය ව්‍යාපාරික කටයුතු මේ වනවිට දැඩි තරගයකට මුහුණ දී තිබෙන අතර වෙළඳ දැන්වීම් ප්‍රචාරය තුළින් ලැබෙන ආදායම මගින් සියළුම පුද්ගලික මාධ්‍ය ආයතන සිය මෙහෙයුම් පවත්වාගෙන යයි.

Facebook
Twitter
LinkedIn