ලොකයේ වැඩිම දුරකතන පාරිභොගිකයින්ගේ සංඛ්‍යාවක් සමාගම් අතර සිව්වන ස්ථානයේ සිටින ඉන්දියානු සමාගමක් වන භාරතී එයාටෙල් සමාගමේ ලංකාවේ මෙහෙයුම් කටයුතු අබුඩාබි සමාගමක් වන එටිසලාට් සමාගමට විකිණීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
එයාර්ටෙල් සමාගමට ලක්ෂ 17ක පමණ දුරකතන සම්බන්ධතාවයන් ප්‍රමාණයක් හිමි අතර ලංකාවේ තුන් වැනි ස්ථානයේ පවතින එටිසලාට් සමාගම සතුව ලක්ෂ 45ක පමණ සම්බන්ධතාවයන් පිරිසක් තිබේ. එයාර්ටෙල් සමාගමේ ලංකාවේ මෙහෙයුම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 110 ත් – 130ත් (රුපියල් කෝටි 1430 -1690) අතර වන බවට තක්සේරු කර තිබේ.
Views: 0









