විදුලිබල මණ්ඩලයේ ගබඩාවකත් ගින්නක්

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කොලොන්නාව ග්‍රීඩ් උප පොළේ ගබඩා සංකීර්ණයේ ඊයේ (23) පෙරවරු 11ට පමණ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ ගිනි නිවිමේ සේවා දෙපාර්තමේන්තුව කණ්ඩායම් 4ක් යොදවා එම ගින්න මැඩපවත්වා ඇත.

ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එහි ඉවත් කර තිබූ ට්‍රාන්ස්පෝමරයක තිබූ තෙල්වලින් මෙම ගින්න හටගන්නට ඇතැයි විදුලිබල මණ්ඩලය සැක පළ කරයි.

මෙම ගින්නෙන් වූ අලාභය පිළිබඳ මෙතෙක් ගණන් බලා නොමැත.

පසුගිය සමයේ මෙවැනි ගිනිගැනීම් රැසක්ම සිදුවිය.

විශේෂයෙන් කොළඹ කච්චේරියේ ගින්න, වරායේ ගුදමේ ගින්න, සතොස ගින්න, කොළඹ මහ නගරසභාවේ ගින්න සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්න මේ අතර ප්‍රධාන තැනක් ගනී.

Facebook
Twitter
LinkedIn