කොල්ල කරුවන් නොවෙයි – මාධ්‍ය මර්දනයේම දිගුවක්

මාධ්‍ය වේදිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසට ආ පිරිස කොල්ලකරුවන් නොවන බවත් මෙය මාධය මර්දනයේම තවත් දිගුවක් බවත් ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ ලේකම් ප්‍රියන්ත කරුණාරත්න මහතා පවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍ය වේදිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසේ ඇතිවූ තත්වය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

මෙය ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරිත්වය හා මන්දනාගේ මාධ්‍ය භාවිතය නුරුස්සන එය හිසරදයක් වී තිබෙන පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කළ දෙයක් බවද ඔහු පැවසීය.

එසේම මෙම සිද්ධිය මන්දනාගේ ජීවිතයට අනතුරක් සිදුවීමෙන් නිමා වන්නට තිබූ වටපිටාවක් බැලූ බැල්මට පෙනෙනන්ට තිබූ බවද තමා අවධාරණයෙන් කියා සිටින්නේ යැයිද ඔහු කීය.

“විශේෂයෙන්ම පසුගිය දෙසතිය තුළදී එක්තරා ජාතික පුවත්පතක මන්දනාගේ මාධය භාවිතය හා ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය ජාතිද්‍රෝහී ක්‍රියාවන්හි නිරතවන කණ්ඩායමක් ලෙස හන්වඩු ගැසීමට උත්සාහයක නිරතවීම ඉන් එකකි.

තවද මීට දිනකට පෙරදී බළල් මළකුණක් නිවස ඉදිරියේ තබායාම, එසේම සිද්ධියට පෙර දිනයේදී මන්දනාගේ සැමියා වන රොමේෂ්ගේ මෝටර් රතයේ ටයරයක් කපා දැමීම ආදියෙන් පෙනී යන්නේ මන්දනාගේ නිවස අවට කිසියම් නිරීක්ෂණ කණ්ඩායමක් සිට බවයි.”

මෙසේ මන්දනාට හිරිහැර කරනන්ට හෝ ජීවිතය විනාශකර දමන්නට පැමිණි පිරිස හදිස්සියේ කොටුවන්නේ අහඹුවකින් බවත් ඒ ඇයගේ සැමියා කටයුතු කළ ආකාරය අනුව බවත් ඔහු සදහන් කර සිටී.


Facebook
Twitter
LinkedIn