රතුපස්වල වැනිග්රෝස් ආයතනය ලබන 30වැනදා තෙක් වසා තබන බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද අධිකරණයට දැන්වූහ.
ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ද මැල් මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ආයතනයේ නීතීඥවරු පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමෙන් තමනට විශාල පාඩුවක් සිදුවන නිසා නිෂ්පාදන ඇරැඹීමට අවසර දෙන ලෙස නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම අවස්ථාවේ ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමට එකඟ වී දැන් අධිකරණයට පැමිණ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමෙන් පළක් නැති බවයි.
පෙර නඩු වාරයේ අධිකරණය දුන් නියෝග අනුව මධ්‍යම පරිසර අධිකාරිය සහ රජයේ රස පරීක්ෂක සිය පරීක්ෂණ වාර්තා ඉදිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මධ්‍යම පරිසර අධිකරිය අවසන් නිගමයක් සඳහන් කර නොතිබිණි.
රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව කර්මාන්ත ශාලාව අවට ජලයේ පීඑච් අගය 4-5.5 දක්වූ වන වන බවත්, කර්මාන්ත ශාලාවේ ජලයේ පී.එච් අගය 6.52ක් වන බවත්, රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙතියි මහේස්ත්‍රාත් වරයා පැවසීය.
ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ අගතියට පත් පාර්ශ්වය ඉදිරියේ ජල සාම්පල ලබා නොගත් නිසා මේ වාර්තාව පිළිගත නොහැකි බව ද සේනාරත්න මහතා පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් එවා තිබූ වාර්තාවේ අවසන් නිගමනයක් සඳහන් කර නැති නිසා අවසන් නිගමන දක්වා වාර්තාව ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ලබන 30 වැනිදාට පෙර නිගමන සහිත අවසන් පරීක්ෂණ වාර්තා නිකුත් කරන ලෙස අදාළ ආයතනවලට දැන්වූ මහේස්ත්‍රාත්වරයා ලබන 30 වැනිදාට නඩුව කල් තැබීය.









