ට්විටර් හිමිකරුගේ ගිණුමටත් හැකර් ප්‍රහාරයක්

ට්විටර් හිමිකරුගේ ගිණුමටත් හැකර් ප්‍රහාරයක්

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ජැක් ඩෝසිගේ (jack dorsey) ට්විටර් ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලියන 4ක අනුගාමිකයන් පිරිසක් සිටින ජැක් ඩෝසිගේ ට්විටර් ගිණුම තුළ විනාඩි 15කට වැඩි කාලයක් මෙම හැකර්වරුන් විසින් වර්ගවාදී සහ ප්‍රහාරාත්මක ප්‍රකාශ නිකුත් කර ඇත.

ඉන් වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රකාශයක් වනුයේ ට්විටර් සමාජ මාධ්‍ය සමාඟමේ මූලස්ථායේ බෝම්බයක් රඳවා ඇති බවය.

මෙම හැකර් ප්‍රහාරය සිදුකර ඇත්තේ චක්ලින් ස්කොඩ් නමින් හඳුන්වන හැකර් කණ්ඩායමක් විසිනි.

මේ වනවිට ජැක් ඩෝසිගේ ගිණුම යතා තත්වයට පත්කර තිබේ.

ඔහුගේ ගිණුමට ඇතුළුවී කළ කී දෑ පිළිබඳ සාකච්ඡා කිරීමටත් උපහාසයට ලක් කිරීමටත් හැකර්වරුන් විසින් වෙබ් අඩවියක් ද පවත්වාගෙන ගොස් ඇති අතර මේ වනවිට එය වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn