ගූගල් යෙදවුම් නොදෙන්නේ නම්, අපේම යෙදවුම් නිර්මාණය කරනවා

ගූගල් යෙදවුම් නොදෙන්නේ නම්, අපේම යෙදවුම් නිර්මාණය කරනවා

හුවාවේ(Huawei) සමාඟම ඉදිරියේදී නිෂ්පාදනය කරනු ලබන ස්මාට් ජංගම දුරකථන සහ ටැබ්, ගූගල් සමාගමේ යෙදවුම්වලින් තොර වනු ඇත.

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට, චීනයේ හුවාවේ සමාගම තර්ජනයක් බවත් එම සමාගමේ නිෂ්පාදන සහ සේවා සඳහා ගූගල් සමාඟමේ යෙදවුම් අලෙවි කිරීම තහනම් කරමින් ඇමරිකානු රජය නියෝග නිකුත් කර ඇති බවත් ගූගල් සමාගම පවසා තිබේ.

ඒ අනුව ඉදිරියේදී වෙළඳපොළට එන හුවාවේ නිෂ්පාදන සඳහා Google Play ඇප් සමූහයට පිවිසීමට ද නොහැකි වනු ඇත. ඒ අනුව Google Maps සහ YouTube ආදී ප්‍රචලිත සේවා සඳහා පිවිසීමට එම නිෂ්පාදන වලට නොහැකිවී යනු ඇත.

කෙසේ වෙතත් සිය නිෂ්පාදන ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට ඇමරිකානු පාර්ශ්වය සිදුකරන චෝදනා හුවාවේ සමාඟම ප්‍රතික්ෂේප කරයි. හුවාවේ සමාඟම ඇමරිකාව විසින් නිකුත් කර ඇති එම නිවේදනයට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ඇමරිකානු රජය අවසර ලබාදෙන්නේ නම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තව දුරටත් භාවිත කරන බවත් එසේ නොවන්නේ නම් ඔවුන්ගේම නව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන බවත් ය.

කෙසේ වෙතත් ඇමරිකාවේ මෙම තීන්දුව ව්‍යාපාරික ලෝකයේ දැඩිව කතාබහට ලක්වනු ඇතැයි විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ මෙම තීන්දුව හුවාවේ සමාඟමට දැඩිව බලපෑම් සිදුකරනු ඇති බවය.

පසුගිය මැයි මාසයේ සිට හුවාවේ සමාඟමට මෙම තහනම ඇමරිකාව විසින් පනවා තිබේ. මේ හේතුවෙන් හුවාවේ පාරිභෝගිකයන් ඉදිරිපත් කරන ගැටළු සඳහා පිළිතුරු ලබාදීමට හුවාවේ සමාඟම  Huawei Answers යනුවෙන් වෙබ් අඩවියක් ද ආරම්භ කර ඇත.

ඔවුන් ස්ථිරව පවසා සිටින්නේ හුවාවේ සමාඟම පාරිභෝගිකයන්ට නිකුත් කරන භාණ්ඩ වගකීමක් සහිත බවත් සම්පූර්ණ සේවයක් ලබාදීමේ වගකීම ඔවුන් භාරගන්නා බවත් ය.

Facebook
Twitter
LinkedIn