කොළඹ ආරක්ෂක සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කොළඹ ආරක්ෂක සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුව අද(29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

“සමකාලීන ආරක්ෂාක වටපිටාව තුළ විකාශය වන හමුදාමය විශිෂ්ඨත්වය” යන තේමාව යටතේ මෙවර ආරක්ෂක සමුළුව පැවැත්වෙන අතර ආරක්ෂක විෂය සම්බන්ධයෙන් විදේශීය විද්වතුන් 13 දෙනෙකු දේශීය කථිකයින් 12 දෙනෙකු ඇතුළු නියෝජිතයින් 800කට අධික පිරිසක් එක්ව සිටියි.

දින 2ක් පුරා පැවැත්වීමට නියමිත මෙම සමුළුවේදී ආරක්ෂක විෂයට සම්බන්ධ පාර්ශ්වකරුවන්, විද්වතුන් සහ විශේෂඥයින් අතර දැනුම හුවමාරු කර ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn