SBට, ඩිලාන්ට විනය පරීක්ෂණ

SBට, ඩිලාන්ට විනය පරීක්ෂණ

අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් එස්.බී දිසානායක මහතා සහ ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පක්ෂය හැර ගියා සේ සලකා ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (29) තීරනය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවට තේරීපත් වූ පක්ෂයේ සාමාජිකත්වය අත්හැරීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි වන අතර පක්ෂ මහ ලේකම්වරයා විසින් වහාම ඒ බවත් පුරප්පාඩු සඳහා පත්කරන නව මන්ත්‍රීවරයන්ගේ නමත් මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යැවීමෙන් පසු පක්ෂයේ සාමාජිකත්වය අත්හැරි මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුර අහෝසි වන අතර මැතිවරණ කොමිසම මෙත යොමු කරන නමට අදාළ පුද්ගලයාට මන්ත්‍රීධුරය හිමිවේ.

Facebook
Twitter
LinkedIn