කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් කාන්තාවක් මරුට

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් කාන්තාවක් මරුට

මොණරාගල – මරගල කඳුවැටිය ප්‍රදේශයේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති අතර එම අවස්ථාවේ කැබ් රථය තුළ රියදුරු ඇතුලුව පුද්ගලයන් 10 දෙනෙකු පමණ සිට ඇත.

සිද්ධියෙන් 54 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවන් සිව් දෙනෙකු රියදුරු සහ තවත් පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය කාන්තාව දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Facebook
Twitter
LinkedIn