විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දෙවැනි දිනටත් අද(29) ක්‍රියාත්මක වේ.
2016 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමට සාපේක්ෂව තම වැටුප වැඩිවී නොමැති බවත් වැටුප් විශමතා සම්බන්ධව දිගු කළක් පුරා පවතින ගැටළු විසඳීමට පියවර ගෙන නොමැති බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ රජයට චෝදනා කරති.
එම ගැටළු වහා විසඳන ලෙස බලකරමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ඊයේ පෙරවරුවේ පැය 48ක වර්ජනයක් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ඇරඹූහ.
Views: 0










