නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනියුක්ත කළ හෙදියන්ගේ වැටුප් ගැටළුව විසඳයි

නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනියුක්ත කළ හෙදියන්ගේ වැටුප් ගැටළුව විසඳයි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනියුක්තකර කාසල් වීදිය කාන්තා රෝහලේ වැටුප් ලේඛනයෙන් එම හෙදියන්ට මුදල් වෙන්කර ඇති බවට හෙලිවූ ගැටළුව, සමතයකට පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

පසුගිය සෙනසුරාදා දිනය වනවිට අදාල හෙදියන් අනියුක්ත කළ ලිපි ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගොණු වෙත ලබාදී ඇති බව එම නිවේදනයේ දැක්වේ. එසේම අගෝස්තු මාසයට අදාල වැටුප් ද මේ වනවිට ගෙවා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන හෙදියන් 39 දෙනෙකු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවයට යොදවා ඇති බවත් ඔවුන්ට කාසල් වීථිය කාන්තා රෝහලේ වැටුප් ලේඛනයෙන් මුදල් වෙන්කරන බවත් පසුගිය 06 වැනිදා රැස්වූ 2015 – 2018 කාල වකවානුව තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය විය.

ඒ කාසල් වීථිය කාන්තා රෝහලේ ගණකාධිකාරීවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම්වරයාගේ නියෝගයක් මත අදාල හෙදියන් කාසල් රෝහලේ සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔවුන්ට වැටුප් ගෙවීම සිදුකර ඇත්තේ කාසල් රෝහලේ වැටුප් ලේඛනය හරහා බව ගණකාධිකාරීවරයා පැවසීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බව මීට වසර දෙකකට පමණ පෙර රජය පැවසුව ද නිසි පවරාගැනීමක් සිදුකර නැතැයි කොමිසමට පැමිණිලි ඉදිරිපත්ව තිබිණි.

Facebook
Twitter
LinkedIn