හෂීස් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ වැල්ලවත්තේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලවත්ත, රුද්‍රා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ 15, මෝදර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 36ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 6ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු අද(29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Facebook
Twitter
LinkedIn