අල්ලස් චෝදනාවකට ලක්ව සිටින කුලියාපිටිය මූලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍ය ආර්.එම්. තෙන්නකෝන්වෙල මහතාට එරෙහි නඩුව, ඔක්තෝබර් මස 10 වැනිදා ආරම්භ කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(29) නියෝග කර තිබේ.
කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රසායනාගාරයකින් රැගෙන එන පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකර භාර ගැනීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයේ හිමිකරුගෙන් මාසිකව රුපියල් 25,000 බැගින් අල්ලස් ලබාගෙන රුපියල් 75,000ක මුදලක් රැස්කරගෙන ඇතැයි අල්ලස් කොමිසම විසින් හිටපු විශේෂඥ වෛද්‍ය ආර්.එම්. තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
සිද්ධියට අදාල නඩුව අද ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවා තිබූ අතර එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය සඳහන් කර සිටියේ මෙම නඩුව කඩිනමින් විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙසය.
ඒ අනුව ලබන ඔක්තෝබර් මස 10 වැනිදා මෙම නඩුව කැඳවන ලෙසත් එදිනට සියළු සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.










