මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පහකට නොතීසි

මන්ත්‍රී වියාලේන්ද්‍රන් ඇතුළු පහකට නොතීසි

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන 30 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද(28) නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා මඩකලපුව සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත සාමාජික නසාර් මොහොමඩ් නැමැත්තාගේ හිස, මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ මිහිදන් කිරීමට විරෝධය පළකරමින් ඊයේ දින සිදුකළ විරෝධතාව හේතුවෙන් මෙම නොතීසි නිකුත් කිරීම සිදුකර ඇත.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිකුත් කළ නියෝගයකට අනුව අදාල හිස කොටස පසුගිය 26 වැනිදා කල්ලියන්කාඩු සුසාන භූමියේ මිහිදන් කර ඇති අතර එයට එරෙහිව ඊයේ පස්වරුවේ සියයක පමන ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතා සිදුකරමින් කළහකාරීව හැසිරී ඇත.

පසුව පොලීසිය විසින් බැටන් පොලු සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කටයුතු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධව පොලීසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාල මන්ත්‍රීවරයාට සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn