දැනට ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ලබාගෙන ඇති වානිජ්‍ය ණය ගෙවීමට නොහැකි වුවහොත් සැප්තැම්බර් මාසයේ දී ලංකාව බංකොලොත් රටක් බවට පත්වන බව මෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක පවසයි.
ඊයේ නෙලුම් පොකුණ රඟහලේ පවතී ප්රචාරක රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
2005 සිට මෙරට කැබිනට් අමාත්‍යවරයෙකුව සිටින චම්පික රණවක ඇමතිවරයා මේ බව පැවසුවේ මෙම අර්බුධයට හුදී ජනයා වගකිවයුතු බව හඟවමිනි. ඔහු අදටත් බලගතු අමාත්‍යවරයෙකි. එබැවින් රට පත්ව ඇති මෙම අර්බුධයට ඔහු ද පාර්ශවික වගඋත්තරකරුවෙකි.
“රටක් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් නය ලබාගතහොත් ඒවා නියමිත දිනට ආපසු ගෙවිය යුතු අතර එසේ නොහැකි වුවහොත් එම රට බංකොලොත් තත්වයකට පත්වේ. ආර්ජන්ටිනාව, ග්‍රීසිය, අයර්ලන්තය වැනි රටවල් මෙලෙස මෑතක දී බංකොලොත් වූ රටවල්ය. ශ්‍රී ලංකාව ද සැප්තැම්බරයේ දී එම ඉරණමට මුහුණ දී තිබේ. අපි බංකොලොත් භාවයට පත්වුවහොත් ඉතා නරක සහ බරපතල ආර්ථික අර්බුධයකට තල්ලු වනු ඇත” යයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. .
රටකින් ලබාගත් ණය ගෙවීමට නොහැකි වුවහොත් එම රට සමග සාකච්ඡා කර යම් සහනයක් ලබාගත හැකිවුව ද ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ලබාගන්නා ණය එසේ වෙනස් කල නොහැකි බව ද ඔහු වැඩි දුරටත් පැවසීය. 2005 සිට විශාල ලෙස ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් වානිජ්‍ය ණය ලබාගැනීම මෙම අර්බුධයට හේතුව බව ද ඔහු පැවසීය.
රට ආරාජික කළ දේශපාලකයින් විටින් විට මෙම කිසිවකට තමා වගකිවයුතු නැතිවා මෙන් කරන ප්‍රකාශ මැතිවරණ වේදිකාවල සුලභව දැන් අසන්නට ලැබේ. ජනතාව මැතිවරණයේ දී තීරණ ගැනීමට පෙර මෙම රට පත්ව ඇති අර්බුධවලට වගකිවයුතු සියලු දෙනා හඳුනා ගත යුතුව ඇත.










