පාස්කු ප්‍රහාරයෙන් පසු ආගමික ප්‍රජාවන් අතර පැවති විශ්වාසය බිඳ වැටීම නොසළකා හැරිය නොහැකි කරුණක් බව එක්සත් ජාතීන්ගේ ආගමික විශ්වාසයන් හා ඇදහීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත අහමඩ් ශාහිඩ් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ දින 12ක් පුරා මෙරට තුළ සිදුකළ සංචාරයකින් අනතුරුවය. සංචාරය අතරතුරදී මෙරට රාජ්‍ය නිලධාරීන්, සිවිල් ජනතාව සහ ප්‍රජා මූල හමුවී ඇති අතර ඒ අනුව සකස්කළ වාර්තාවක් ඉදිරි මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුල්සිල සැසිවාරයට ද ඉදිරිපත් කිරීමට නියමිතය.
සංචාරයෙන් අනතරුව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇතතේ ශ්‍රී ලාංකික රජය පාස්කු ප්‍රහාරයෙන් පසු තත්වය පාලනය කිරීමට සමත් වුව ද ඇතැම් ආගමික ප්‍රජාවන් සිය ආරක්ෂාව සම්බන්ධව අවධානයකින් පසුවන බවය.
එසේම ආගමික නායකයන් හා සිවිල් සංවිධාන සාමය ගොඩ නැගීම සඳහා යම් ක්‍රියාමාර්ග අනුගමන කර ඇති බව ද ඒ් මහතා සඳහන් කර තිබේ.
එසේම දේශපාලන අරමුණු වෙනුවෙන් වාර්ගික හා ආගමික අර්බුධය භාවිත නොකරන්නැයි ද ඒ මහතා ශ්‍රී ලංකා රජය ඇතුලු සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.










