හිස්බුලාගේ බැටික්ලෝ කැම්පස් සමාගමට විදේශ රටවලින් රු. බි. 4.44ක් ලැබිලා

හිස්බුලාගේ බැටික්ලෝ කැම්පස් සමාගමට විදේශ රටවලින් රු. බි. 4.44ක් ලැබිලා

එම්.එල්.එම් හිස්බුල්ලාගේ මඩකලපුව පුනානි මුස්ලිම් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විදේශ රටවලින් රුපියල් බිලියන 4.44ක් ලැබී ඇති බවත් ඒවා මහජන බැංකුවේ ගිණුමක් හරහා ලබාගෙන ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දී තිබේ.

මෙම මුදල් බැටික්ලෝ කැම්පස් (පෞද්ගලික) සමාගම වෙත ලැබී ඇති අතර එම සමාගම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම් හිස්බුල්ලට අයත් සමාගමකි. එම ගිණුමේ දැනට ශේෂය රුපියල් තිස් හයදහස් දෙසිය අනූ අටක (රු. 36,298) මුදලක් පමණක් බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය  අධිරණයට ඉදිරිපත්කල බී වාර්තාවේ දැක්වේ.

2016 ජනවාරි 14 සිට 2019 මයි 31 දක්වා වාර 206ක දී මෙම මුදල් අදාළ ගිණුම වෙත ලැබී ඇති අතර අවස්තා 825ක දී ගිණුමෙන් මුදල් ලබාගෙන ඇත.

සමාගමට ලැබුණු මුළු මුදලින් රුපියල් බිලියන 3.64ක් ලැබී ඇත්තේ අලි අබ්දුල්ලා අල්ජුෆාලි ජීධා නම් සවුදි අරාබියේ පිහිටි සංවිධානයක් මගිනි. මුදල් ලැබීම් සහ ඒවා වියදම් කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව ද මූල්‍ය අපරාධ කොට්ඨාශය පොලිසියට දැනුම් දුන්නේය. පොලිසිය ඉදිරිපත්කල බී වාර්තාව මගින් පරීක්ෂණ සඳහා බැංකු ගිණුම් පිළිබඳව තවදුරටත් තොරතුරු ලබාගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටී.

Facebook
Twitter
LinkedIn