වැටුප් සම්බන්ධ ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් හෙට(28) සහ අනිද්දා දින දෙක තුළ වැඩ වර්ජනයක නිරතවීමේ සූදානමක් පවතින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
රාජ්‍ය සේවකයන්ට සිදුවූ වැටුප් වැඩිවීමට සාපේක්ෂව තමන්ගේ වැටුප ද වැඩිකරන ලෙස බලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බව ඔවුන් පවසයි.
වෘත්තීය සමිති 24කට අයත් 16,000කට ආසන්න විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් පිරිසක් මෙම වර්ජනය සඳහා එක්වීමට නියමිත බව ද විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
Views: 0










