ශ්‍රී ලංකා – චීන උදර්පන ගිවිසුමට චීන මහජන කොංග්‍රසයේ අනුමැතිය

ශ්‍රී ලංකා – චීන උදර්පන ගිවිසුමට චීන මහජන කොංග්‍රසයේ අනුමැතිය

ශ්‍රී ලංකාව සහ චීනය අතර පුද්ගලයින් හුවමාරු කිරීම, පිටුවහල් කිරීම ආදී කරුණු ඇතුළත් උදර්පණ ගිවිසුමට චීන මහජන කොංග්‍රසයේ අනුමැතිය හිමිව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

වගන්ති 22කින් සමන්විත චීන – ශ්‍රී ලංකා උදර්පන ගිවිසුමට ඒ සඳහා වන වගකීම්, උදර්පනය සඳහා හේතුවන වැරදි, උදර්පණය කිරීම ප්‍රතික්ෂේප කළහැකි අවස්ථා මෙන්ම ආරවුල් සමථයකට පත් කිරීම පිළිබඳ කරුණු ආදිය ඇතුළත් කර ඇත.

එම ගිවිසුම මේ වනවිට පැවැත්වෙන ද්වී මාසික සැසියේදී සාකච්ඡා කිරීමෙන් පසු අනුමැතිය හිමිව ඇතැයි ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.

මෙම ගිවිසුම සම්බන්ධව 2014 වසරේ සැප්තැම්බර් මස සාකච්ඡා ආරම්භ කළ අතර, 2016 වසරේ අප්‍රේල් 7 වන දා බීජිං නුවරදී අත්සන් තබා ඇත. කෙසේ වෙතත් අදාල ගිවිසුම මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව වෙත ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 22 වැනිදාය.

Facebook
Twitter
LinkedIn