නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ හත්වැනිවරටත් සාකච්ඡා අරඹයි

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ හත්වැනිවරටත් සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හත්වැනි වරටත් අද(27) සාකච්ඡාවක් සිදුවීමට නියමිතය.

මීට ඉහත අවස්ථා හයකදී එම පක්ෂ දෙක අතර සාකච්ඡා සිදුවූ අතර එකඟතාවකට එළඹීමට නොහැකිම එම සාකච්ඡා අසාර්ථක වී තිබිණි.

ඒ අනුව සාකච්ඡා සඳහා සහභාගීවන නියෝජිතයන්ගේ වෙනස්කමක් ද සහිතව අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡා ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධව නිදහස් පක්ෂ පාර්ශ්වය විරුද්ධ මත පළකර සිටි අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ එක්ව කටයුතු කරන්නේ නම් අපේක්ෂකයා කවුරුන්ද යන තීන්දුව සාමූහිකත්වයෙන් ගත යුත්තක් බවය. නමුත් පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු පවසා සිටියේ නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ එක්වීමෙන් තොරව ගමනක් නොමැති බවය.

Facebook
Twitter
LinkedIn