ඉස්ලාම් අන්තවාදී සංවිධානයක නායකයෙකු අත්අඩංගුවට

අත්අඩංගුවේ පසුවන රෂීඩ් අක්බාර් නැමැත්තා, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ නායකයා බවට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

පසුගිය 25 වැනි දා මාවනැල්ල –  මුරුතවෙල ප්‍රදේශයේදී, තහනම් සංවිධානවලට ආධාර අනුබලදීමේ චෝදනාව මත 60 හැවිරිදි රෂීඩ් අක්බාර් නැමති සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී තඅබේ.

එසේම මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරු ලෙස මොහු සැළකේ.

මොහු විදේශ රටවල් කිහිපයක් සමඟ ද සබඳතා පවත්වා ඇති බව ද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ පසුවන අතර ඔහු සම්බන්ධව වැඩි දුරටත් විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn