ඇමෙරිකාවේ කැලිෆෝනියා හි ඔක්ලන්ඩ් නගරබද ප්‍රදේශයක සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සොරකමක් සිදුවන අතරවාරයේ සිය රථය අසල සිටි මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි ඇමරිකානු බලධාරීන් පවසයි.
වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගතකර ඇති අතර පසුව මරණයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි ජනත් ලියනගේ නැමැත්තෙකි. ඔහු කලක පටන් ඇමරිකාවේ පදිංචිව සිට ඇත.
පසුගිය 25 වැනිදා මෙම වෙඩි තැබීම සිදුව තිබේ. ඇමරිකානු ආරක්ෂක අංශ සිදුවීම සම්බන්ධව විමර්ශන සිදුකරයි.
Views: 0










