ලොව විශාලතම ගිනි නිවීමේ ගුවන් යානය ඇමේසන් ගින්න නිවීමට යොදවයි

ලොව විශාලතම ගිනි නිවීමේ ගුවන් යානය ඇමේසන් ගින්න නිවීමට යොදවයි

දැනට ලොව පවතින විශාලතම ගිනි නිවීමේ ගුවන් යානය බොලීවියානු රජය විසින් ඇමේසන් වනාන්තරයේ ගින්න නිවීම සඳහා ප්‍රධානය කර තිබේ.

බෝයිං 747 වර්ගයේ ඇන්ජින් 4ක විශාල ජම්බෝ යානාවක් තුළ සවිකළ විශාල ධාරිතාවකින් යුත් ජල ටැංකි පද්ධතියකින් සමන්විත මෙම යානය සුපර් ටෑන්කර් ලෙස හඳුන්වයි.

මෙමඟින් වරකට ජලය ලීටර් 70,000ක ප්‍රමාණයක් රැගෙන යා හැකි අතර ඕනෑම ගිනි ගන්නා ස්ථානයකට පහසුවෙන් ළගාවීමට හැකිවන පරිදි නිපදවා ඇතැයි වාර්තා වේ.

මෙම යානාවේ ගුවන් නියමුවා විශේෂ පුහුණුවකින් අනතුරුව ගිනි නිවීමේ සේවය සඳහා යොදවා ඇති අතර යානාව ඉතා පහතින් ගමන්කර අදාල ස්ථානය ඉලක්ක කර ජල ප්‍රහාර එල්ල කිරීමට පුහුණුව ලැබ ඇත.

බොලීවියාව විසින් ඇමේසන් වනයේ ඇතිව තිබෙන ගින්න නිවීම සඳහා මෙම යානය එවර්ගීන් ගුවන් සමාඟමෙන් කුලී පදනම මත ලබාගෙන ඇති අතර පසුගිය 22 වැනිදා සිට ගින්න නිවීමේ කටයුතු සඳහා යොදවා ඇතැයි වාර්තා වේ.

බ්‍රසීලය, ඉක්වදෝරය, පේරු, කොළොම්බියාව, වෙනිසියුලාව, බොලීවියාව, සුරිනාමි, ප්‍රංශගිනියාව යන රටවල්වල ඇමේසන් වනය පැතිර ඇති අතර ගින්න ඇතිවී දින ගණනාවකට පසු එම රටවල බලධාරීන් ගිනි නිවීමේ කටයුතුවලට අවතීරණ වී ඇත.

Facebook
Twitter
LinkedIn